Friday, July 30, 2010

ලේ..........!

අපි කවුරු උනත්..
මොන ජාතියේ උනත්...
හැම මනුස්සයෙක් ගෙම......ලේ රතු පාටයි..ලු
එහෙම උනත්
හැම ජාතියක් මඑකිනෙක ගැළපෙන්නෙ නැති ලු...!
ඒ රතු පාට ලේ තමයිදෙමව්පියන්ගෙන්...
දරුවන්ට ලැබෙන්නේ...
නෑනයි මස්සිනායි...වෙච්ච
උඹෙයි... මගෙයි...ලේ වලින්...පිළිසිඳ ගත්ත
ඒ දරවා...
ඇයි මේ ලෝකයේ එලිය නො දුටුවේ....!
අපි ආත්මයෙන් ආත්මයපතා ගෙන ආවත්...
ඒ හැම ආත්මයක...
මේ දුක මේ විදියට ම..
විඳින්න ඇති.මම මේ දුක විඳ ගත්තත්
උඹට ඒක විඳ ගන්නඅපහසු බව
මට වැටහුණ නිසයි...
ලබන ආත්මයෙ දි...
අපි එක් නොවෙමුයි...කියලා
පැතුවේ....
නැතුව.... ආදරේ නැතිකමට නොවෙයි....!



ඔසී

2 comments:

  1. අති විශිෂ්ටයි!! තමන්ගේ සතුටට වඩා අනිත් කෙනාගේ සතුට පතන එක තමයි ආදරේ...

    ReplyDelete
  2. බවෙන් බව රඟන
    එකම තිර පිටපත...
    ලියුවෝ කවරහුද?

    මතු අත් බවෙක
    රුහිරැ දම්බිඳ
    පෙම් දමින් බැඳුම් පැතුමට
    බාදා කිම?

    ReplyDelete