Sunday, October 11, 2020

කඩුපුල් කැකුලක්

කඩුපුල් කැකුලක් පිබිදෙන යාමේ කවුලු දොරින් එන එළිය පෙනේ නුඹේ කාමරේ තනිය මකන්නට එන්නද මම ඒ එළිය දිගේ නිලුපුල් නෙතු යුග සැලෙනා වාරේ මගෙ හද ගැහෙනා අයුර දැනේ දෙනෙත් මානයේ මුහුන දකින්නට එන්නද නුඹ යනෙනා පාරේ නොඉඳුල් පැතුමන් ඉතිරෙණ මහදේ නුඹට කියන්නට නොහැක නඟේ සෙනෙහේ ගුලිකොට ඉවත දමන්නට අවසර මට දෙනවාද නඟේ

No comments:

Post a Comment