Sunday, October 11, 2020

කුරුණෑගල

සිරිලක පරසිදුයි හත් කෝරලය ලෙස තවකෙක් හඳුන්වයි බත් කෝරලය ලෙස කෙලෙසක් හැඳුනුවත් එහි අගනුවර ලෙස ඇතුගල්පුරය වැජඹෙයි සැම පැතූ ලෙස මලිදෙව් දේවියන් ආනා පවුලේ සැම කොතලාවලය ආදර්ශය සැවොම එන නිස්සන්කයද ලක්දාසය එකතු වෙන තැන මතකයිද බස් නැවතුම නගර මැද ඇතුගල අරා බුදුහිමියන් වැජඹෙන්නා සරතැස නිවා මඳ සුලඟක් පැමිනෙන්නා වැව්තල සරා දිය කාවුන් පියඹන්නා ගල උඩ දෙවොලෙ බංඩාරව සිහිවෙන්නා යන්නට අවැසි මහනුවරද අනුරපුරේ යා හැක පුත්තලම මීගමු හලාවතේ පුලතිසිපුරේ යමු අපි තිරිකුනාමලේ ඇතුගල්පුරේ කිට්ටුයි ඒ කොලොම්පුරේ අංගංගලද මඩමේගම සිරිය බලා ඇත්කඳ වෙහෙර ඇති බෝධිය ලඟට වෙලා කිව්වත් ඉන්න යමු අපි සිරිපතුල බලා ඉබ්බාගලේ පංසල අමතකම වෙලා. තිබුනත් එදා ජුපිටර් නිව්සිනමාව ඉම්පීරියලයේ බැල්කනි කෙරුවාව සිනෙක්ස්පෝ එකට ඔබ බඩ ගෑවාට මොඩර්නයට කැමතියි මම හැමදාම

No comments:

Post a Comment