Sunday, October 11, 2020

නිමිත්ත - මුකවාඩමක් නැතිව කිසිවෙක් බස් රථවලට ගොඩ නොකරගන්නා ලෙස අධිකාරිය දන්වයි - දෙරණ ප්‍රවෘත්ති ගන්න පිං පඩියක් යන්න මට ටවුමට වරක් අතේ නෑ පිච්චියක්……. කිව්වා වරක් දෙවරක් ඇහෙන්නෑ මූ බීරෙක්...... මා එදා ඉලන්දාරියෙක් දිව්වා හැල්මේ මයිලයක් දෙකක් හිතුවෙ නෑ දෙවරක් බේරගත්තා තරුණියක් ගැහුවා වැව් මත්තෙ දියබුං දෙකක් තුනක් කරගත්තා කරකාරයක් හැදුවා ළපටින් පෝලිමක් නෑ මෙදා ඒ සත්තියක් ගන්න මුකවාඩමක් අතේ නෑ පිච්චියක් ඒකයි වහන් අමුඩයක් යන්නේ මූනත් කටක් ගත්තොත් තොපේ පිං පඩියක් වැයකර පනමක් දෙකක් ගන්නං තොපේ මුකවාඩමක් ..............

No comments:

Post a Comment