Sunday, October 18, 2020

අපි යං

සඳ කන්ද කපා පායනවා දැක්කද බිසෝ නංගි බලපන් අර මා වවුලන් ටික මහ කජු අත්තේ බිසෝ නංගි බලපන් උඹ තනියෙම ඉන්නේ මට දුක හිතුනා බිසෝ නංගි බලපන් සරසර ගානව ආයෙත් වවුලන් උඹ ගෙට පලයන් බං නැන්දයි මාමයි පෙනෙන්න නැත්තේ කොහෙ ගියාද කියපන් මගෙ බිසෝ නංගි කියපන් පන්සල තිබෙනා සල්පිල පැත්තේ ගියාවත්ද කියපන් මගෙ බිසෝ නංගි කියපන්. ලබන අමාවක පෝදා රෑ සඳ පාන නැතුව එන්නම් උඹ කැමතිද කියපන් බං ඇඳුම් කැඩුම් ටික පොදියක් ගහගෙන කඩුල්ල ලඟට වරෙන් ඇපි පැනල යමුද කියපන්. උඹ කැමතිද කියපන් බං

No comments:

Post a Comment